Monday, March 10, 2014

මං හඬපු හැමදාම......

මං හඬපු හැමදාම නුඹ හිටියා සනසන්න
දුක දැනෙන මතුදාට සනසන්න නුඹ කොහෙද..
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ
වාවන්න බැහැ තාම නිදිනෑනේ මුලු රෑම..

පපුතුරුලේ නිදියාපු ඔබ ඉන්නේ දැන් කොහෙද
අපි දෙන්නා ගොඩනගපු පෙම් හීන අද නැද්ද..
වෙන් වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද
හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නෙ කවදාද.. //

මං හඬපු හැමදාම..

හිත ඇතුලෙ කකියාපු දුක කීවේ නැහැ තාම
බොදවෙච්ච පෙම් හීන සිහිවෙන්නෙ ඇයි මෙහෙම..
ලං වෙන්න හැදුවාම හැරයන්න දුක නැද්ද
ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නෙ කවදාද.. //

මං හඬපු හැමදාම..

No comments:

Post a Comment